දිවයින පුරා වෙහෙර විහාරස්ථාන තිරසාර ලෙස ආලෝකමත් කෙරෙන සූර්යබලශක්ති ආලෝක පහන් පූජා වැඩසටහනට ඔබත් දායකවන්න...


Park

ආලෝක පූජාවෙන් ඔබේ ජීවිතයට නව එළියක්

පූජනීය ස්ථාන තිරසාර ලෙස ආලෝකමත් කෙරෙන කලෝචිත වැඩසටහනක් ලෙස මෙම සූර්ය බලශක්ති ආලෝකකරණ වැඩපිළිවෙලෙහි ආරම්භය සිදුවිය. පසුගිය වසර පහක කාලයක් පුරාවට බැතිමතුන් විශාල පිරිසකගේ පින්බර දායකත්වයෙන් වෙහෙර විහාර රාශියක් ඒකාලෝක කරමින් මෙම වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට ක‍්‍රියාත්මක වෙමින් පවතියි.

මෙම මහඟු පුණ්‍යකර්මය තුළින් විහාරවාසී ගරුතර සංඝරත්නය ඇතුළු දස දහස් ගණන් බැතිමතුන් හට පහසුව සහ ආරක්ෂාව සැලසෙන අතර එය විදුලි වියදමකින් තොරව පරිසර හිතකාමී ලෙස සිදුවීම විශේෂයකි.

මෙම උතුම් කර්තව්‍යයට ඔබේ පින්බර දායකත්වයත් ලබා දිය හැකි අතර එසේ ස්ථාපනය වන මෙම සෑම සූර්යබලශක්ති ආලෝක කුළුණක්ම ඉදිරි අවුරුදු ගණනාවක් යනතුරු අඛණ්ඩව එම පින්බිම ආලෝකමත් කරනු ඇත. එහි අනුහසින් දායක වූ ඔබේත්, ඔබගේ පවුලේ සැමගේත් ජීවිතයද ආලෝකමත් වනු ඒකාන්තය.


Park

විශේෂ ලක්ෂණ
x විදුලි වියදම් නොමැති වීම
x විදුලි බිඳවැටීමකදී පවා අඛණ්ඩව ක‍්‍රියාකිරීම
x ස්වයංක‍්‍රීය ක‍්‍රියාකාරීත්වය
x චලන සංවේදී බව
x රැහැන් රහිත කඩිනම් ස්ථාපනය
x වසර 10ක ක‍්‍රියාකාරී කාලය
x අමතර උපාංග සහ සේවා පහසුකම්


For Inquaries

+94 777 062 900

+94 777 811 611

+94 113 034 313


පුදබිමට තිරසර ආලෝකයක්.. ඔබේ බැතිබර දායකත්වයට අර්ථාන්විත වටිනාකමක් ලබාදෙමින් දිගුකල් පවත්නා මෙම ආලෝක උපාංග වසර 5ක වගකීමක් සහිතව, අවශ්‍ය නඩත්තු සහ සේවා සපයන වෘත්තීමය තාක්ෂණ ආයතනයක් හරහා ස්ථාපනය කෙරේ.

මෙම වැඩපිළිවෙලට දායක වීමට ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබ පූජා කිරීමට බලාපොරොත්තුවන ආලෝක කුළුණ තීරණය කර එය ස්ථාපනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් විහාරාධිපති හිමියන් සමඟ සාකච්ඡුා කොට ඒ සඳහා අවසරය ලබාගන්න.

ඔබගේ දායකත්වය ස්ථීර කරගැනීමෙන් පසු පහත දුරකතන අංක වලින් අපගේ ව්‍යාපෘති නියෝජිතයන් සමඟ සම්බන්ධවන්න. අදාල පූජනීය ස්ථානයේ භාරකාරත්වයේ අවශ්‍යතාවය පරිදි සූර්යාලෝක කුළුණු ස්ථාපනය කිරීමට අපගේ තාක්ෂණ කණ්ඩායම කටයුතු කරනු ඇත. ඔබගේ නම සහ පූජාවේ අරමුණ කුඩා ඵලකයක සටහන් කිරීමේ

අවස්ථාවද ඔබට හිමිවේ.ඉහත වැඩපිළිවෙල මුලු රටම හරිත බලශක්තියෙන් බලගන්වන සූර්යබල සංග‍්‍රාම ජාතික වඩපිළිවෙලට සමගාමීව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් වන ජෙන්සො පවර් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගමේ සමාදර මෙහෙය වීමෙන් සිදුවේ.




පූජනීය ස්ථානයේ / පරිශ්‍රයේ අවශ්‍යතාවයට ගැලපෙන පහන් වර්ග


පහන් කුළුණ විස්තරය

අඩි 10 උස වානේ කුළුණ සහ සිමෙන්ති පාදම සහිතව ස්ථාපන පිරිවැය - රු 35,000/-

• 25W Solar Panel
• 1440 lm Lighting (= 100W filament light)
• Auto On/Off
• Whole Night Lighting
• 2 year warranty
• 10 Year Lifetime

සම්පූර්ණ උස අඩි 12ක් වන සේ පෙර සැකසූ සිමෙන්ති පාදමක් සහ ලෝහමය කණුවක් මත අලංකාර ලෙස සවි කෙරෙන මෙම සූර්ය පහන අඩි 40ක විශ්කම්භය සහිත ප‍්‍රදේශයක් හොදින් ආලෝකමත් කරයි.

ඉතා සරළව සහ කඩිනමින් සවිකරගත හැකි වීම සහ අවශ්‍යතාවය පරිදි ස්ථානගත කරගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.

සවස් යාමයේ බැතිමතුන් නිතර ගැවසෙන ස්ථාන සඳහා යොදාගැනීම තුළින් ආරක්ෂාව සහ පහසුව සැලසේ.


ද්විත්ව පහන් කුළුණ විස්තරය

අඩි 10 උස වානේ කුළුණ සහ සිමෙන්ති පාදම සහිතව ස්ථාපන පිරිවැය - රු 65,000/-

• 25W Solar Panel x2
• 1440 lm Lighting x2 (= 2 x 100W filament light)
• Auto On/Off
• Whole Night Lighting
• 2 year warranty
• 10 Year Lifetime

සූර්ය පහන් මාදිලි අතර වඩාත් ප‍්‍රචලිත මාදිලිය ලෙස ද්විත්ව පහන් කුළුණ (Two way light post) හඳුනා ගැනේ.

අලංකාරබව සහ ආලෝකය විහිදීම අනුව ඔබ කරන පරිත්‍යාගයට ඉහළම ප‍්‍රතිලාභ අත්වීම මෙයට හේතුවයි.

මෙම ඡුායාරූපවල දැක්වෙන සූර්යාලෝක පහන් කුළුණු ස්ථාපනය කොට මේවන විට වසර 5ක කාලයක් ඉක්මවා ඇත.

ස්ථාපනයේ සිට මේ දක්වා මෙම පහන් කිසිදු තාක්ෂණ දෝෂයකින් තොරව අඛණ්ඩව මෙම පරිශ‍්‍ර ආලෝකමත් කිරීම විහාරාධිපති හිමියන්ගේ මහත් වූ පැසසුමට ලක්වූ කරුණකි.

ගංවතුර ඇතුලු ඕනෑම දුෂ්කර කාළගුණික තත්වයකට ඔරොත්තු දීම මෙහි ඇති විශේෂත්වයයි.


සිව්දිශා අලෝක කුළුණ විස්තරය

අඩි 10 උස වානේ කුළුණ සහ සිමෙන්ති පාදම සහිතව ස්ථාපන පිරිවැය - රු 110,000/-

• 25W Solar Panel x4
• 1440 lm Lighting x4 (= 4 x 100W filament light)
• Auto On/Off
• Whole Night Lighting
• 2 year warranty
• 10 Year Lifetime

සිව් දිශාවම ආලෝකමත් කෙරෙන පරිදි තනි කුළුණක පහන් හතරක් ලෙස සම්පූර්ණ වන මෙම කුළුණ මගින් ඉහළ ආලෝකයක් විශාල ප‍්‍රදේශයක් පුරා විහිදුවයි,


සෝලා ටියුබ් ලයිට් විස්තරය

අඩි 18 උස වානේ කුළුණ සහ සිමෙන්ති පාදම සහිතව ස්ථාපන පිරිවැය - රු 68,000/-

• 60W Solar Panel
• 2200 lm Lighting (= 200W filament light)
• Auto On/Off
• Whole Night Lighting
• 2 year warranty
• 10 Year Lifetime

විහාරස්ථාන පිටත මෙන්ම ඇතුලතද ආලෝකමත් කිරීම සඳහා මෙම මාදිලියේ සූර්යාලෝක පහන් භාවිතා කරයි. මෙමගින් විදුලි වියදම් අවම වීමට අමතරව හදිසි විදුලි බිඳවැඵීම් නිසා බැතිමතුන්හට සිදුවන අපහසුතා අවම වේ. විදුලිය ලබා ගැනීමට අපහසු ස්ථානවලටද මෙම සූර්යාලෝක පහන් කදිම විසඳුමකි.

එමෙන්ම කණුව රහිතව අභ්‍යන්තර පරිශ‍්‍ර ආලෝකමත් කරන මෙවැනි ”සෝලා ටියුබ් ලයිට්” වොටීයතාවය අනුව රු. 45,000/- සිට ඉහළට ඇත. බුදු මැදුර, බණ මඩුව සහ දේවාල මන්දීර වැනි ස්ථාන වලට වඩාත් සුදුසුය.


අධිබල සූර්ය පහන් කුඵණ

අඩි 24 උස වානේ කුළුණ සහ සිමෙන්ති පාදම සහිතව ස්ථාපන පිරිවැය - රු 102,000/-

• 80W Solar Panel 
• 4500 lm Lighting (= 400W filament light) 
• Auto On/Off 
• Whole Night Lighting 
• 2 year warranty 
• 10 Year Lifetime

විහාරස්ථාන පිටත මෙන්ම ඇතුලතද ආලෝකමත් කිරීම සඳහා මෙම මාදිලියේ සූර්යාලෝක පහන් භාවිතා කරයි. මෙමගින් විදුලි වියදම් අවම වීමට අමතරව හදිසි විදුලි බිඳවැඵීම් නිසා බැතිමතුන්හට සිදුවන අපහසුතා අවම වේ. විදුලිය ලබා ගැනීමට අපහසු ස්ථානවලටද මෙම සූර්යාලෝක පහන් කදිම විසඳුමකි.

එමෙන්ම කණුව රහිතව අභ්‍යන්තර පරිශ‍්‍ර ආලෝකමත් කරන මෙවැනි ”සෝලා ටියුබ් ලයිට්” වොටීයතාවය අනුව රු. 45,000/- සිට ඉහළට ඇත. බුදු මැදුර, බණ මඩුව සහ දේවාල මන්දීර වැනි ස්ථාන වලට වඩාත් සුදුසුය.




Inquiry Form



අප ආයතනය විසින් සිදු කරනු ලබන පූජනීය ස්ථාන සඳහා සූර්යාලෝක පහන් ව්‍යාපෘති ගැන විස්තර දැනගැනීමට සහ එම ව්‍යාපෘති වලට දායක වීමට හෝ ඔබට අවශ්‍ය සූර්ය පහන් තොරතුරු සඳහා අප අමතන්න.