හිරු එළියෙන් රෑ අඳුර දුරලමු

නිවාස පියසි දසලක්ෂයක සූර්ය විදුලි ජනන පද්ධති ස්ථාපනය කිරීමේ "සූර්යබල සංග්‍රාම" ව්‍යාපෘතියට සමගාමීව නිවාස සහ ගොඩනැගිලි එළිමහන් දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් ආලෝකමත් කිරීම අරමුණු කරගත් "ඒකාලෝක" හරිත ආලෝකරණ වැඩසටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ඔබේ නිවසේ හෝ ආයතන පරිශ්‍රයේ අවට රාත්‍රි අඳුර දුරැලීම සඳහා නිර්මාණය කළ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි ආලෝක කුළුණු ස්ථාපනය මෙහිදී සිදුවේ.


සූර්ය ආලෝක පහන් කුළුණු - (Solar Light Posts)

නවීන තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ මෙම ඒකක, සාම්ප්‍රදායික සූර්ය ආලෝක උපාංග වල පැවති තාක්ෂණ ගැටලු සියල්ලටම පාහේ විසඳුම් සහිතව නිමවා ඇත. මෙහිදී භාවිත වන බැටරි (Li PO4) වසර හතක පමණ ආයු කාලයක් ඇතිව අඛණ්ඩව ක්‍රියා කරයි. අඩු වොට් අගයක් යටතේ ඉහළ දීප්තියක් ලබා දෙන LED ඒකකය, අනර්ඝ Philips චිපයකින් සමන්විතය. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම විදුලි පහන් සඳහා කිසිදු විශේෂ නඩත්තුවක් හෝ බාහිර විදුලි සැපයුමක් අවශ්‍ය නොවේ. චලන සංවේදී බව (Motion Sensor) නිසා ආරක්ෂක පහනක් (Security Light) ලෙසද ක්‍රියාත්මක වේ. හොඳින් හිරු එළිය ඇති විටදී පැය තුනක කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම ආරෝපණය වන මෙය, රාත්‍රිය මුළුල්ලේම දැල්වෙමින් අවට ආලෝකමත් කරයි. දුරස්ථ පාලකය මගින් අනවශ්‍ය විටදී නිවාදැමිය හැකි වීම මෙහි විශේෂ පහසුකමකි.


ස්ථාපනය කිරීම සඳහා උපදෙස්. (Installations)

ඉතා පහසුවෙන් ඔබටම එකලස් කරගත හැකි මෙය, සූර්ය ආලෝකය හොඳින් ලැබෙන සේ බිත්තියක තාප්පයක හෝ ආධාරක කුළුණක සවි කිරීම සුදුසුය. මෙම කුළුණු ඔබේ අවශ්‍යතාව අනුව විවිධ ආකාරයේ ආකර්ෂණීය වර්ග කිහිපයකින් ලබාගත හැක. පොළොව මට්ටම සිට අඩි 8 - 14 අතර උසකින් සවි කළ විට, අඩි 50 ක විශ්කම්භයක් ඇති ප්‍රදේශයක් ආලෝකමත් වීම මෙමගින් සිදු වේ. පහන් කණු දෙකක් අතර පරතරය අඩි 50 ලෙස තැබීම වඩාත් සුදුසුය. සාමාන්‍ය නිවසක මිදුලකට එක් විදුලි පහනක ආලෝකය ප්‍රමාණවත් වේ. අලෙවියෙන් පසු සේවාව.. මල නොබඳින ලෝහ වලින් නිපදවා ඇති වසර 7- 10 පමණ අඛණ්ඩ ක්‍රියාත්මක කාලයක් අපේක්ෂිත මෙම උපාංගය සඳහා වසරක වගකීම් කාලයක් අප ආයතනයෙන් හිමිවේ. වගකීම් කාලයෙන් පසු අවශ්‍ය වුවහොත් අමතර කොටස් සහ තාක්ෂණ සේවා පහසු මිලට අප වෙතින් ලබාගත හැක.






ඔබේ ආලෝකරණ අවශ්‍යතාව තෝරන්න.



පුද්ගලික අවශ්‍යතා

ඔබේ නිවසේ හෝ ඔබේ ව්‍යාපාරික බිමෙහි ආලෝකරණ අවශ්‍යතා සඳහා.. නිවාස, කර්මාන්ත ශාලා, ගබඩා සංකීර්ණ, වතු, බංගලා, හෝටල් ආදී..


  තෝරන්න



පොදු ව්‍යාපෘති.

ඔබේ ආයතනයේ ඉදිරි ව්‍යාපෘතියක් ලෙස යෝජනා කිරීම සඳහා පොදු මාර්ග, රාජ්‍ය ආයතන, පොදු මහජන ස්ථාන, උද්‍යාන සඳහා හරිත ආලෝකරණ ව්‍යාපෘති සඳහා

  තෝරන්න



"ආලෝක පූජා"
දායකත්ව වැඩපිළිවෙළ.

පන්සල, පාසල, පල්ලිය ඇතුළු ඔබට වැදගත් ස්ථාන ඔබේ නමින් ආලෝකමත් කිරීමට දායකත්වය ලබාදීම සඳහා...


  තෝරන්න