ලංකාවේ වේගයෙන්ම දියුණුවන ව්‍යාපාරයක
ලියාපදිංචි නියෝජිතයෙකු වීමට ඔබටත් අවස්ථාව

සූර්යබල සංග්‍රාම වැඩපිළිවෙළ අද ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත්ම වේගවත් සංවර්ධනයකට ලක්වන අංශයක් බවට පත්වඇත. පවතින බලශක්ති අර්බුදය නිසා පූර්ණ ලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් සමඟ මෙය ඉදිරි වසර කිහිපය සඳහා වැඩියෙන්ම ආදායම් සහ නව රැකියා උපදවන ව්‍යාපාරික ක්ෂේත්‍රය වනු ඇති බවට විද්වතුන්ගේ අදහසයි.

විදුලි පාරිභෝගිකයන්හට තම විදුලි වියදම් සියයට සියයක්ම කපා හැරීමට මෙන්ම අමතර විදුලිය නිපදවා මණ්ඩලය විකිණීම මගින් ස්ථාවර ආදායම් මාර්ගයක් ඇති කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබීම මෙයට මූලික හේතුවයි.




ව්‍යාපෘති සඳහා බැංකු ණය

සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු මගින් ඉදිරියේදී සියයට 6% ක වැනි ඇදහිය නොහැකි අඩු පොලී අනුපාතයකින් සූර්ය පැනල පද්ධති සවි කරගැනීම සඳහා ණය ලබාදීමට සූදානම්ව සිටීම දසදහස් ගණනින් නව පාරිභෝගිකයන් සූර්ය බලශක්ති පද්ධති සහ සේවා සඳහා යොමුවීම දිරිමත් කරනු ඇත

රටපුරා විහිදෙන බලශක්ති සේවා ජාලයට ඔබත් සම්බන්ධ වන්න.

වසර හයක සූර්යබල ඉංජිනේරු අත්දැකීම් සමගින් ක්ෂේත්‍රයේ නියමු වෙමින් ඉහළම පාරිභෝගික විශ්වාසයක් දිනාගත් අප ආයතනය සඳහා ප්‍රාදේශීය භාණ්ඩ සහ සේවා බෙදාහැරීමේ නියෝජිතයන් ලියාපදිංචිය දැන් සිදුවේ.

දැනට ඇති ව්‍යාපාරයේ වැඩිදියුණු කිරීමක් ලෙස හෝ නව ව්‍යාපාරයක් ලෙස මෙම වැඩපිළිවෙළට ඔබට සම්බන්ධ විය හැක.

  • මූලික තාක්ෂණ කරුණු අවබෝධ කොටගෙන පාරිභෝගිකයන් හට පැහැදිලි කිරීමේ හැකියාව
  • ව්‍යාපාරික, තාක්ෂණික, සමාජමය හෝ වෙනයම් අයුරකින් පුළුල් නව සම්බන්ධතා ගොඩනගාගැන්මේ හැකියාව මෙහිදී සලකා බැලේ.
  • පහසුවෙන් හඳුනා ගතහැකි සහ ළඟා වියහැකි නගර කේන්ද්‍රස්ථානයක, බෙදාහැරීමේ සේවා මාධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ පහසුකම් පැවතීම.

  • අප ආයතනයෙන් ඔබ වෙත ලබාදීමට නියමිත පහසුකම්.

  • පුහුණු වැඩමුළු හරහා තාක්ෂණික සහ අලෙවි ප්‍රවර්ධන උපායමාර්ග හඳුන්වාදීම
  • විස්තර පත්‍රිකා සහ දැනුවත් කිරීමේ පුවරු සැපයීම
  • අඛණ්ඩ තාක්ෂණික සහාය සහ පුහුණුව

  • ව්‍යාපාර ප්‍රතිලාභයේ ස්වභාවය.

  • නියෝජිත ආයතනයක් සඳහා අපේක්ෂිත සාමන්‍ය මාසික ශුද්ධ ලාභය - රුපියල් 60 000/- සිට Rs.100,000/= දක්වා
  • උනන්දුව සහ හැකියාව මත මෙය සීමා රහිතව කිහිප ගුණයකින් වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව ඔබට ඇත

  • අලෙවි නියෝජිතයන් ලියාපදිංචිය පිළිබඳ විස්තර

  • වසරක් පාසා අලුත්වන නියෝජිත ගිවිසුමකට එළඹීම සිදුවේ.
  • රුපියල් ලක්ෂ දෙකක (RS. 200,000) නැවත ගෙවීමට යටත් තැන්පතුවක් තැබිය යුතුය.
  • ප්‍රදර්ශන උපාංග කට්ටලය
  • පළමු වසරේ ප්‍රවර්ධන ඉලක්ක සැපිරීම තුළ නියෝජිතභාවය ඉදිරිය වසර දෙක දක්වා ස්ථිර කිරීම සිදුවේ.

  • සූර්ය බලයෙන් ආලෝකමත් වන ඔබේ නියෝජිත ආයතන පුවරුව


    ලියාපදිංචි වීම සඳහා පහත විස්තර අප වෙත ඉක්මනින් යොමු කරන්න..

    • You are redirecting to Sampath Bank PLC

      Click here

    සුර්ය බල සංග‍්‍රාමයේ ප‍්‍රගතිශීලි හැරවුම සමඟ ඔබත් එක්වන්න.

    අපගේ කුරුණෑගල දිස්ත්‍රීක් බලයලත් නියෝජිත මහතා ජෙන්සෝ ආයතනය සමග ක්‍රියාත්මක වෙමින්



    රටට ආදරය කරන මිනිසුන් පරිසරයට ආදරය කරයි
    පරිසරයට ආදරය කරන මිනිසුන් සුර්යබල ශක්තියට ආදරය කරයි.

    ජෙන්සො සූර්ය බලකාය පිහිටවීමේ සමාරම්භක අවස්ථාව